Skip to main content

WPF Multiline TextBox

ඔන්න අපි හදන්නේ අදත් පුංචි Tip එකක් දෙන්න. මේ ප්‍රශ්නේ මට අවේ මම පොඩි WPF Window එකක් design කර කර ඉන්නකොට.

අපි කොහොමද WPF වලදී Multiline TextBox එකක් හදාගන්නේ කියන එක තමා ඉතින් ප්‍රශ්නේ.

මුලින්ම මම කලේ ඉතින් නිකම්ම TextBox control එකක් දාගෙන එකේ තියෙන Properties එක එක බැලුව මේ වැඩේ කරගන්න විදියක් තියෙනවද කියල. මොකද Windows Forms වල නම් තියෙනවා නේ Property එකක් කෙලින්ම Multiline කියලම. ඒක true කරපු ගමන් බඩු වැඩ. ඒත් කරුමෙට මේකේ එහෙම Property එකක් තිබ්බෙත් නෑ.
පස්සේ මම ඉතින් කවදත් අපේ උදව්වට ඉන්න Google ගෙන් අහල බැලුව. මෙන්න උත්තරේ. ඇත්තටම අපිට WPF වලදී මේක ගොඩ දාගන්න Properties 3 ක් ඕනේ වෙනවා.
පහල තියෙන්නේ ඒකට අදාල xaml markup එක.

<TextBox Name="TextDescription" Height="60" Width="250" Margin="10,0,0,0" VerticalScrollBarVisibility="Visible" AcceptsReturn="True" TextWrapping="Wrap"/>

ඔන්න අපට වැදගත් වෙන එව්වා underline කරලම තියෙනවා.


VerticalScrollBarVisibility කියල කියන්නේ අපිට මේකේ scroll bar එකක් පෙන්නන්න ඕනෙද කියන එක. මේක set කරන එක අත්‍යවශ්‍යම නෑ, ඒත් ඉතින් තිබුනොත් හොඳයි.

AcceptsReturn මේකෙන් කියවෙන්නේ අපි Enter key එක press කලොත් ඒක Enter එකක් විදියට බාර ගන්න කියන්න එක, එතකොට අලුත් line එකකට යන එක තමා වෙන්නේ. මේක අපි set කලේ නැත්නම් අපේ Multiline Textbox එකේ Enter key එක press කලාට මොනවත් වෙන්නේ නෑ.

TextWrapping Property එක Wrap කියල set කලාම අපි TextBox එකේ type කරගෙන යද්දී කෙලවරට අවම ඉබේම පහල line ඒකට cursor එක යනවා.

ඉතින් ඔන්න ඔය විදියට තම අපි WPF වලදී Multiline Textbox එකක් හදාගන්නේ. ඔයාලත් කරලා බලන්න.

උපුටා ගැනීම : http://msdn.microsoft.com/en-us/library/ms742157.aspx

Comments

Popular posts from this blog

HTML INPUT enhancement with Regular Expressions and Java Scripts

අද කථා කරන්න යන්නේ බොහොම සරල දෙයක් ගැන. සරල උනාට ඉතින් මට මේක කරගන්න ඕන වෙලා හොයන කොට නම් ඉතින් හොයාගන්න ටිකක් කරදර උනා, ඒ නිසාම තමා මම හිතුවේ මේක ගැන ලියන්න ඕනෙ කියල. අපි හැමෝම HTML forms validate කරන්න Java Script පාවිච්චි කරනවා නේ, එක අලුත් දෙයක් නෙමේ. ඒ වගේම තමා Regular Expressions කියන්නෙත් අපිට අලුත් දෙයක් නෙමේ. අපි බලමු මේ දෙකම පාවිච්චි කරලා HTML textbox එකකට අපිට ඕනෙ characters විතරක් enter කරන්න දෙන්නේ කොහොමද කියල. මෙන්න මේක තමා අපි පාවිච්චි කරන HTML page එක. <!DOCTYPE html> <html> <head> <title>JS and RegEx</title> </head> <body> <label for="txtUsername">Username</lable> <input type="text" id="txtUsername" placeholder="Enter Username"/> </body> </html> මේ තියෙන page එක html විදිහට save කරලා browser එකේ බැලුවම මෙන්න මේ වගේ තමා පෙන්නේ. දැන් හිතන්න අපිට මේ username එකට @,#,%,$ වගේ...

Simple Data Binding in WPF

අපි කලින් ලියුමක WPF වල layouts ලේසියෙන් හදාගන්නේ කොහොමද කියල බැලුවා කට්ටියට මතක ඇති නේද. ඉතින් අද අපි බලන්න යන්නේ මෙතනින් තව පොඩ්ඩක් ඉස්සරහට යන්නේ කොහොමද කියල. ඒ කියන්න අද අපි බලමු අපි මේ හදාගත්ත client window එක කොහොමද අපේ business layer එකත් එක්ක connect කරන්නේ කියල. ඒකට තියෙන සරලම සහ හොඳම විදිහ තමා මේ Data Binding කියල කියන්නේ. Data Binding වලින් අපිට පුළුවන් අපේ Business Layer එකයි UI එකයි අතරේ data auto update කරන්න. Data Binding කොටස් දෙකක් තියෙනවා Unidirectional කියන්නේ source එකේ ඉඳල target එකට හරි target එකේ ඉඳල source එකට හරි එක පැත්තකට විතරක් data update වෙන එකට. Bidirectional කියන්නේ source එකෙන් target එකටයි target එකෙන් source එකයි දෙපැත්තටම data update වෙන එකට. ඒ වගේම binding target එක හැම වෙලේම DependencyProperty එකක් වෙන්න ඕනෙ.(DependencyProperty එකක් කියන්නේ සරලව ගත්තොත් object එකක අපිට runtime එකේදී වෙනස් කරන්න පුළුවන් property එකක්.) ඉස්සෙල්ලම අපි මෙන්න මේ පහල තියෙන Window එක හදාගෙන ඉමු. මේකට ඕනෙ කරන XAML markup එක තමා පහල තියෙන්නේ. <Windo...

How to set a web page to the center of the browser

අද අපි කතා කරන්න ලැස්ති වෙන්නේ අපිට web page එකක් design කරනකොට ඕනේ වෙන පොඩි technique එකක් ගැන. ඔයාල ඕනේ තරම් දැකල ඇති web sites වල මුළු page එකම center වෙලා තියෙනවා. අපි උදාහරණයක්‌ ගත්තොත් W3Schools site එක වගේ. පේනවා නේ site එකේ content එක page එකේ මැදට වෙන්න තියෙන ලස්සන. මේක කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. <html> <head> <title>Testing Centered Content</title> </head> <body> <div id="mainContent" style="width:900px;margin-left:auto; margin-right:auto;background-color:Gray;height:500px"> This is the content which is centered </div> </body> </html> මෙතන අපි ඇත්තටම විශේෂ දේවල් පාවිච්චි කරලා නෑ. සරල html code එකක් තමා තියෙන්නේ. අපි <div> එකක් හදාගෙන තියෙනවා mainContent කියල. ඒ div ඒකට style එකක් apply කරල තියෙනවා. එකේ අපි කරලා තියෙන්නේ site එකේ content width එක සෙට් කරලා තියෙනවා pixel 900 කට. ඊට පස්සේ වැදගත් වෙන්නේ margin-left එකයි margi...