Skip to main content

Passing Arrays to methods in a better way

අද අපි බලන්න යන්නේ C# වල තියෙන තවත් අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන. ගොඩක් වෙලාවට අපි methods ලියද්දි අපිට ඕනේ වෙනවා මේ methods වලට Arrays pass කරන්න. ඒ වගේ වෙලාවට අපි කරන්නේ method එක call කරන තැන Array එකක් හදල ඒකට data දාල method ඒකට pass කරන එක. 

පහල පෙන්නලා තියෙන්නේ එක කරගන්න විදිහ.
int Add(int[] data)
{
   int sum = 0;
   for (int i = 0; i < data.Length; i++)
   {
      sum += data[i];
   }
   return sum;
}
අපි දැන් මේ method එක call කරන්න පුළුවන් මෙන්න මේ විදිහට.

void TestArray()
{
    int[] data = new int[4];
    data[0] = 3;
    data[1] = 5;
    data[2] = 2;
    data[3] = 7;
    int sum = Add(data);
}
පේනවා නෙ අපි array එක හදල ඒකට values දාල එවන විදිහ.මේක ඉතින් එච්චරම ලේසි වැඩක් නෙමෙයි කියල දැන් පැහැදිලි නෙ.

ඒත් මේක කරගන්න මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ ගැන කතා කරන්න තම අපි මේ ලෑස්ති වෙන්නේ.
මේකට අපට තියෙන ලේසිම විදිහ තමා params keyword එක පාවිච්චි කරන එක. එක කරගන්නේ කොහොමද කියල පහල පෙන්නලා දීල තියෙනවා.
int Add(param int[] data)
{
   int sum = 0;
   for (int i = 0; i < data.Length; i++)
   {
      sum += data[i];
   }
   return sum;
}
දැන් මේ method එක call කරන විදිහ තමා පහල පෙන්නලා තියෙන්නේ.
void test()
{
   int sum1 = Add(1, 3, 5, 2, 7);
}
පේනවානේ, call කරන තැන අපිට array එකක් හදාගන්න ඕනේ වෙන්නේ නෑ. ඒ වගේම තමා අපිට ඕනෙම තරමක් parameters මේ විදියට pass කරන්න පුළුවන්.

හැබැයි මෙතෙන අපි මතක තියාගන්න ඕනේ කරුණු තුනක් තියෙනවා.
  1. මේ Add method ඒකට තවත් integer array එකක් ගන්න overload method එකක් තියෙනවා නම්, අපි මේ ලියපු method එක නෙමෙයි call වෙන්නේ ඒ අපි overload කරලා තියෙන method එක.
  2. param array එකක් අපිට ඕනේ නම් පුළුවන් තවත් parameters එක්ක පාවිච්චි කරන්න, හැබැයි එහෙම පාවිච්චි කරනවා නම් අපේ param array එක තමා parameters list එකේ අන්තිම parameter එක වෙන්න ඕනේ. ඒ කියන්නේ param array එකට පස්සේ තවත් parameters තියෙන්න විදිහක් නෑ.
  3. එක method එකකට parameter එකක් විදිහට තියෙන්න පුළුවන් එක param array එකක් විතරයි.
ඉතින් මතක තියාගන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ඔය කියන කොන්දේසි වලට එකග වෙනවා නම් විතරයි. නරක නෑ නේද වැඩේ.

Comments