Skip to main content

How to UNLOCK an Oracle user account


අපි අද කතා කරන්න හදන්නේ තවත් පොඩි Tip එකක් ගැන. ඒ තමා Oracle user account එකක් lock උනාම එක unlock කරගන්න විදිහ.

අපි බැලුවොත් මේ accounts lock වෙන්නේ කොහොමද කියල, ඒක ගොඩක් වෙලාවට වෙන්නේ අපි වැරදි passwords ගහල Oracle වලට log වෙන්න හදද්දී තමා.

ඉතින් දැන් අපි හිතුවොත් අපේ scott කියන account එක lock වෙලා කියල.

අපි මුලින්ම කරන්න ඕනේ SqlPlus open කරලා (PLSQL Developer උනත් කමක් නෑ), Oracle වලට log වෙන්න ඕනේ SYS account එකෙන්. ඊට පස්සේ පහල තියෙන command එක ගැහුවම වැඩේ ගොඩ යන්න ඕනේ.

SQL> ALTER USER scott ACCOUNT UNLOCK;

Comments

Popular posts from this blog

HTML INPUT enhancement with Regular Expressions and Java Scripts

අද කථා කරන්න යන්නේ බොහොම සරල දෙයක් ගැන. සරල උනාට ඉතින් මට මේක කරගන්න ඕන වෙලා හොයන කොට නම් ඉතින් හොයාගන්න ටිකක් කරදර උනා, ඒ නිසාම තමා මම හිතුවේ මේක ගැන ලියන්න ඕනෙ කියල. අපි හැමෝම HTML forms validate කරන්න Java Script පාවිච්චි කරනවා නේ, එක අලුත් දෙයක් නෙමේ. ඒ වගේම තමා Regular Expressions කියන්නෙත් අපිට අලුත් දෙයක් නෙමේ. අපි බලමු මේ දෙකම පාවිච්චි කරලා HTML textbox එකකට අපිට ඕනෙ characters විතරක් enter කරන්න දෙන්නේ කොහොමද කියල. මෙන්න මේක තමා අපි පාවිච්චි කරන HTML page එක. <!DOCTYPE html> <html> <head> <title>JS and RegEx</title> </head> <body> <label for="txtUsername">Username</lable> <input type="text" id="txtUsername" placeholder="Enter Username"/> </body> </html> මේ තියෙන page එක html විදිහට save කරලා browser එකේ බැලුවම මෙන්න මේ වගේ තමා පෙන්නේ. දැන් හිතන්න අපිට මේ username එකට @,#,%,$ වගේ...

Simple Data Binding in WPF

අපි කලින් ලියුමක WPF වල layouts ලේසියෙන් හදාගන්නේ කොහොමද කියල බැලුවා කට්ටියට මතක ඇති නේද. ඉතින් අද අපි බලන්න යන්නේ මෙතනින් තව පොඩ්ඩක් ඉස්සරහට යන්නේ කොහොමද කියල. ඒ කියන්න අද අපි බලමු අපි මේ හදාගත්ත client window එක කොහොමද අපේ business layer එකත් එක්ක connect කරන්නේ කියල. ඒකට තියෙන සරලම සහ හොඳම විදිහ තමා මේ Data Binding කියල කියන්නේ. Data Binding වලින් අපිට පුළුවන් අපේ Business Layer එකයි UI එකයි අතරේ data auto update කරන්න. Data Binding කොටස් දෙකක් තියෙනවා Unidirectional කියන්නේ source එකේ ඉඳල target එකට හරි target එකේ ඉඳල source එකට හරි එක පැත්තකට විතරක් data update වෙන එකට. Bidirectional කියන්නේ source එකෙන් target එකටයි target එකෙන් source එකයි දෙපැත්තටම data update වෙන එකට. ඒ වගේම binding target එක හැම වෙලේම DependencyProperty එකක් වෙන්න ඕනෙ.(DependencyProperty එකක් කියන්නේ සරලව ගත්තොත් object එකක අපිට runtime එකේදී වෙනස් කරන්න පුළුවන් property එකක්.) ඉස්සෙල්ලම අපි මෙන්න මේ පහල තියෙන Window එක හදාගෙන ඉමු. මේකට ඕනෙ කරන XAML markup එක තමා පහල තියෙන්නේ. <Windo...

Using BackgroundWorker in C#

අපි අද කතා කරන්න හදන්නේ තවත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන C# වල තියෙන feature එකක් ගැන. ඒ තමා මේ BackgroundWorker කියන component එක, මේක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ programs වලට Threads හදාගන්න. අපි සාමාන්‍යයෙන් Threads පාවිච්චි කරන්නේ මොකක් හරි ගොඩක් වෙලා යන වැඩක් program එකෙන් කරද්දී ඒ වැඩේ program එක පාවිච්චි කරන කෙනාට එහෙම නැත්නම් User ට නොතේරෙන විදියට කරගන්න, උදාහරණයක් විදියට අපි database එකකට connect වෙලා data set එකක් fetch කරනවා කියල හිතන්න මේ වැඩේට ලොකු වෙලාවක් යනවා නම් User හිතෙන්නේ program එක හිර වෙලා කියල. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් අපිට BackgroundWorker එක පාවිච්චි කරලා. ඒ කියන්නේ පොඩි Progress Bar එකක් වගේ දෙයක් පෙන්නලා user ට කියන්න පුළුවන් වැඩේ ඇතුලෙන් කෙරෙනවා කියලා. හරි අපි පටන් ගමු, මුලින්ම කරන්න තියෙන්නේ Visual Studio වලින් Windows Forms Application එකක් හදාගන්න එක. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලගේ right hand side එකේ Tool Box එක දිහා බැලුවම පෙනෙයි මෙන්න මේ වගේ මෙතන අපිට පේනවා BackgroundWorker කියල tool එකක් තියෙනවා, දැන් මේක drag කරලා drop ක...