Skip to main content

WPF Layout Techniques - Grids

අපි දන්නවා WPF එහෙම නැත්නම් Windows Presentation Foundation කිව්වම Windows applications ගොඩක් ලස්සනට හදාගන්න Microsoft එකෙන් අපිට දීල තියෙන technology එකක්. ඉතින් අපි අද බලමු ඕනෙම application එකක් හදද්දී අපිට ගොඩක් වැදගත් දෙයක් වෙන control layout එක ලේසියෙන් කරගන්නේ කොහොමද කියල. මේකට අපි පාවිච්චි කරන්නේ Grid කියන control එක. අපි අද අපේ උදාහරණය විදිහට ගන්නේ සරල Login form එකක්. කට්ටියට මතක නේ අපි web pages හදද්දී <table></table> tags වලින් layout හදනවා මේ වැඩෙත් ටිකක් විතර එකට සමානයි. වැඩි කතා නැතුව බලමුකෝ අපි මොකද්ද කරන්න හදන්නේ කියලා.

Login Window
දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියල.
  1. අපි මුලින්ම කරගන්න ඕනෙ වැඩේ තමයි අපේ basic layout එක grid එකක් පාවිච්චි කරලා හදාගන්න එක. මේ තියෙන්නේ ඒකට ඕනෙ කරන xaml code එක.
     <Window x:Class="WpfBasics.MainWindow"  
         xmlns="http://schemas.microsoft.com/winfx/2006/xaml/presentation"  
         xmlns:x="http://schemas.microsoft.com/winfx/2006/xaml"  
         Title="Login to WPF Sample" Height="200" Width="350" WindowStartupLocation="CenterScreen" WindowStyle="ToolWindow" Background="WhiteSmoke">  
       <Grid>  
         <Grid.RowDefinitions>  
           <RowDefinition Height="35" />  
           <RowDefinition Height="35" />  
           <RowDefinition Height="35" />  
           <RowDefinition Height="35" />  
           <RowDefinition Height="*" />  
         </Grid.RowDefinitions>  
         <Grid.ColumnDefinitions>  
           <ColumnDefinition Width="120" />  
           <ColumnDefinition Width="*" />  
         </Grid.ColumnDefinitions>  
       </Grid>  
     </Window>  
    
    මේකේ සමහර Height Width values * කියල දාල තියෙන්නේ, ඉතිරි වෙන ඉඩ ඔක්කොම ගන්න කියන එක. මේ වැඩේ කරලා ඉවර උනාම ඔයාලගේ window එක මෙන්න මේ වගේ කොටස් කීපයකට බෙදිලා තියෙන්න ඕනෙ. මේකේ තියෙන මේ එක එක cells ඇතුලට තමා අපි අපේ Labels Textboxes වගේ items දාන්නේ.

  2. දැන් අපි ලෑස්ති වෙන්නේ අපේ Heading text එක එහෙමත් නැත්නම් මේ Welcome to WPF Samples කියල ලොකුවට තියෙන text එක දාගන්න.
     <Label Grid.Row="0" Grid.ColumnSpan="2" Margin="20,0" Content="Welcome to WPF Samples" FontSize="16" FontWeight="Bold" />  
    
    දැන් මෙතන ඔයාලට පේනවා Margin, Content වගේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන properties වලට අමතරව Grid.Row="0" Grid.ColumnSpan="2" කියල properties දෙකක් පාවිච්චි වෙනවා. ඒ දෙකෙන් තමා කියවෙන්නේ අපි මේ දාන item එක grid එකේ position වෙන්න ඕනෙ කොහොමද කියල. Grid.Row="0" කිව්වම මේක වැටෙන්නේ grid එකේ පළවෙනි row එකට. Grid.ColumnSpan="2" කිව්වම මේ item එක columns දෙකක් හරහා පැතිරෙනවා කියන එක කියවෙනවා.
  3. දැන් බලමු Username, Password labels එක්ක boxes දාගන්න විදිහ.
    <Label Grid.Row="1" Grid.Column="0" Margin="20,0" Content="Username :" />  
    <TextBox Grid.Row="1" Grid.Column="1" Height="23" HorizontalAlignment="Left" Margin="10,5,0,0" Name="txtUsername" VerticalAlignment="Top" Width="150" />  
    <Label Grid.Row="2" Grid.Column="0" Margin="20,0" Content="Password :" />  
    <PasswordBox Grid.Row="2" Grid.Column="1" Height="23" HorizontalAlignment="Left" Margin="10,5,0,0" Name="pwdPassword" VerticalAlignment="Top" Width="150" />  
    
    Username label එක ගත්තොත් ඒක අපි දාල තියෙන්නේ දෙවැනි row එකේ පළවෙනි column එකට. ඒ වගේ තමා අපි අනිත් controls ටිකත් arrange කරගෙන තියෙන්නේ.
  4. ඊට පස්සේ අපි මේ පහල පෙන්නලා තියෙන විදිහට තමා buttons දෙක දාගන්නේ.
    <StackPanel Grid.Row="3" Grid.Column="1" Orientation="Horizontal">  
           <Button Content="Login" Margin="10,0,5,0" Height="23" Name="btnLogin" Width="75" />  
           <Button Content="Cancel" Height="23" Name="btnCancel" Width="75" />  
    </StackPanel>  
    
    මෙතන මේ තියන StackPanel එකෙන් කරන්නේ ඒකට දාන controls තිරස් අතට හරි සිරස් අතට හරි arrange කරගන්න එක. මේකේ Orientation="Horizontal" කියල තියෙන නිසා එයා අපි දාන controls තිරස් අතට arrange කරගන්නවා.
  5. මේ window එක design කරගන්න ඕනෙ වෙන සම්පූර්ණ xaml code එක තමා පහල තියෙන්නේ.
     <Window x:Class="WpfBasics.MainWindow"  
         xmlns="http://schemas.microsoft.com/winfx/2006/xaml/presentation"  
         xmlns:x="http://schemas.microsoft.com/winfx/2006/xaml"  
         Title="Login to WPF Sample" Height="200" Width="350" WindowStartupLocation="CenterScreen" WindowStyle="ToolWindow" Background="WhiteSmoke">  
       <Grid>  
         <Grid.RowDefinitions>  
           <RowDefinition Height="35" />  
           <RowDefinition Height="35" />  
           <RowDefinition Height="35" />  
           <RowDefinition Height="35" />  
           <RowDefinition Height="*" />  
         </Grid.RowDefinitions>  
         <Grid.ColumnDefinitions>  
           <ColumnDefinition Width="120" />  
           <ColumnDefinition Width="*" />  
         </Grid.ColumnDefinitions>  
         <Label Grid.Row="0" Grid.ColumnSpan="2" Margin="20,0" Content="Welcome to WPF Samples" FontSize="16" FontWeight="Bold" />  
         <Label Grid.Row="1" Grid.Column="0" Margin="20,0" Content="Username :" />  
         <TextBox Grid.Row="1" Grid.Column="1" Height="23" HorizontalAlignment="Left" Margin="10,5,0,0" Name="txtUsername" VerticalAlignment="Top" Width="150" />  
         <Label Grid.Row="2" Grid.Column="0" Margin="20,0" Content="Password :" />  
         <PasswordBox Grid.Row="2" Grid.Column="1" Height="23" HorizontalAlignment="Left" Margin="10,5,0,0" Name="pwdPassword" VerticalAlignment="Top" Width="150" />  
         <StackPanel Grid.Row="3" Grid.Column="1" Orientation="Horizontal">  
           <Button Content="Login" Margin="10,0,5,0" Height="23" Name="btnLogin" Width="75" />  
           <Button Content="Cancel" Height="23" Name="btnCancel" Width="75" />  
         </StackPanel>  
       </Grid>  
     </Window>  
    
එහෙම නම් ඉතින් කට්ටිය මේ වැඩේ try කරලා බලන්න හරිම ලේසියි, windows forms වලට වඩා ලේසි කියල හිතෙනවා මට නම්.

Comments

Popular posts from this blog

Applying Themes for Silverlight 4

ටික දවසකට පස්සේ ලියන්න හොඳ දෙයක් එක්ක වෙලාවක් හම්බ උනා. මේ දවස් වල මම පොඩි අත්හදා බැලීමක් කරනවා Silverlight 4 එක්ක. Visual Studio 2010 තමා පාවිච්චි කරන්නේ. හැබැයි එක හිතපු තරම් ලේසි උනේ නෑ. ඒ නිසා මම හිතුවා ඒ ගැන පොඩ්ඩක් ලියන්න. මුලින්ම කියන්න තියෙන්නේ Silverlight 4 එක්ක වැඩ කරන්න නම් VS 2010 විතරක් තිබුනට මදි, ඒකට ඔයාලට ඕනෙ වෙනවා VS2010 Service Pack 1. ඒක download කරගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එකෙන්. මෙතන ඇත්තටම තියෙන්නේ ISO image එකක්, ඒක mount කරලා install කළා නම් වැඩේ ගොඩ. ඊට පස්සේ අපි බලමු කොහෙන්ද මේ Themes හොයාගන්න පුළුවන් කියල. ඒකට යන්න මෙන්න මේ ලින්ක් ඒකට, එතන තියෙන " SL4Themes-templates.zip " කියන file එක download කරගන්න. මේ themes Microsoft එකෙන් officially release කරලා තියෙන themes වගයක්. ඇත්තටම මේ download එකේ තියෙන්නේ Project Templates. දැන් කරන්න තියෙන්නේ මේක Unzip කරලා VisualStudio2010 කියන folder එක ඇතුලේ තියෙන JetPack.vsix වගේ file එකක් double click කරන එක. එකෙන් පොඩි Installer එකක් දුවලා install වෙනවා Visual Studion Project Template එකක්. දැන් ක...

The list of do's and don'ts when preparing your resume

During past couple of years many times I was asked by my colleagues in the HR department "Could you please shortlist these resumes for interviews?" answer was almost always yes. As a result I have gone through a large number of resumes to check whether if these people are suitable for an interview.  While I'm scanning these resumes I found many reasons that I could reject these let alone the technical incompetencies of the candidates. Then suddenly one day I said to myself "why don't you write simple blog post about this?". So here I'm trying to put up a list of reasons that your resume might get rejected and how to minimize it. When you read this you will realize how trivial some mistakes are but they could surely cost your chance of landing your dream job. Typos in the resume Well I hate typos because it shows you how inconsiderate you are, keep in mind your resume is the first contact point with your potential employer so why don't ...

Adding Unique Constraints with Entity Framework Code First

Entity Framework Code First is a great way to define and maintain your database within your application it self. While it poses a nice set of complementing libraries like Data Annotations and Fluent Configurations which helps you specially in defining phase of your database, it would give you a headache if you try to define a unique constraint on a column. For example in the users table of your application you could probably have an int ID column which would serve as the primary key and you might need to make your Username column a unique one. Since you are using EF Code First you will soon find out there is no direct way to accomplish this requirement. Unfortunately fluent configurations doesn't have syntax like HasUnique(u => u.Username); I asked the same question in stackoverflow , but didn't get a convincing answer. Since there is no direct support from EF for this you could take one of following alternatives to achieve it. Approach 1 :  ...