Skip to main content

Applying Themes for Silverlight 4

ටික දවසකට පස්සේ ලියන්න හොඳ දෙයක් එක්ක වෙලාවක් හම්බ උනා. මේ දවස් වල මම පොඩි අත්හදා බැලීමක් කරනවා Silverlight 4 එක්ක. Visual Studio 2010 තමා පාවිච්චි කරන්නේ. හැබැයි එක හිතපු තරම් ලේසි උනේ නෑ. ඒ නිසා මම හිතුවා ඒ ගැන පොඩ්ඩක් ලියන්න.

මුලින්ම කියන්න තියෙන්නේ Silverlight 4 එක්ක වැඩ කරන්න නම් VS 2010 විතරක් තිබුනට මදි, ඒකට ඔයාලට ඕනෙ වෙනවා VS2010 Service Pack 1. ඒක download කරගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එකෙන්. මෙතන ඇත්තටම තියෙන්නේ ISO image එකක්, ඒක mount කරලා install කළා නම් වැඩේ ගොඩ.

ඊට පස්සේ අපි බලමු කොහෙන්ද මේ Themes හොයාගන්න පුළුවන් කියල. ඒකට යන්න මෙන්න මේ ලින්ක් ඒකට, එතන තියෙන "SL4Themes-templates.zip" කියන file එක download කරගන්න. මේ themes Microsoft එකෙන් officially release කරලා තියෙන themes වගයක්. ඇත්තටම මේ download එකේ තියෙන්නේ Project Templates. දැන් කරන්න තියෙන්නේ මේක Unzip කරලා VisualStudio2010 කියන folder එක ඇතුලේ තියෙන JetPack.vsix වගේ file එකක් double click කරන එක. එකෙන් පොඩි Installer එකක් දුවලා install වෙනවා Visual Studion Project Template එකක්.

දැන් කරන්න තියෙන්නේ VS 2010 open කරලා New Project එකක් හදන එක, එකේ අලුත් Templates install වෙලා තියෙනවා පේනවා මෙන්න මේ වගේ.


දැන් තියෙන්නේ, ඒ අලුත් Template එකක් පාවිච්චි කරලා project එකක් හදාගන්න. එතකොට ඒ project එකට අපි තෝරගත්ත Theme එක apply වෙනවා. කරලා බලන්න හරිම ලේසි හරිම ලස්සනයි.

Comments

  1. you knw how to see ubuntu source code?

    ReplyDelete
  2. Hmm, I just did a quick google search and found out several interesting links.
    http://ubuntuforums.org/archive/index.php/t-14756.html
    https://lists.ubuntu.com/archives/ubuntu-devel-discuss/2009-May/008045.html
    Visit above links and check, they have even posted an archive url.
    If you still not satisfied you may ask this in an Ubuntu forum. People there might give you a complete answer.

    ReplyDelete
  3. Thanks! great work!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

HTML INPUT enhancement with Regular Expressions and Java Scripts

අද කථා කරන්න යන්නේ බොහොම සරල දෙයක් ගැන. සරල උනාට ඉතින් මට මේක කරගන්න ඕන වෙලා හොයන කොට නම් ඉතින් හොයාගන්න ටිකක් කරදර උනා, ඒ නිසාම තමා මම හිතුවේ මේක ගැන ලියන්න ඕනෙ කියල. අපි හැමෝම HTML forms validate කරන්න Java Script පාවිච්චි කරනවා නේ, එක අලුත් දෙයක් නෙමේ. ඒ වගේම තමා Regular Expressions කියන්නෙත් අපිට අලුත් දෙයක් නෙමේ. අපි බලමු මේ දෙකම පාවිච්චි කරලා HTML textbox එකකට අපිට ඕනෙ characters විතරක් enter කරන්න දෙන්නේ කොහොමද කියල. මෙන්න මේක තමා අපි පාවිච්චි කරන HTML page එක. <!DOCTYPE html> <html> <head> <title>JS and RegEx</title> </head> <body> <label for="txtUsername">Username</lable> <input type="text" id="txtUsername" placeholder="Enter Username"/> </body> </html> මේ තියෙන page එක html විදිහට save කරලා browser එකේ බැලුවම මෙන්න මේ වගේ තමා පෙන්නේ. දැන් හිතන්න අපිට මේ username එකට @,#,%,$ වගේ...

Simple Data Binding in WPF

අපි කලින් ලියුමක WPF වල layouts ලේසියෙන් හදාගන්නේ කොහොමද කියල බැලුවා කට්ටියට මතක ඇති නේද. ඉතින් අද අපි බලන්න යන්නේ මෙතනින් තව පොඩ්ඩක් ඉස්සරහට යන්නේ කොහොමද කියල. ඒ කියන්න අද අපි බලමු අපි මේ හදාගත්ත client window එක කොහොමද අපේ business layer එකත් එක්ක connect කරන්නේ කියල. ඒකට තියෙන සරලම සහ හොඳම විදිහ තමා මේ Data Binding කියල කියන්නේ. Data Binding වලින් අපිට පුළුවන් අපේ Business Layer එකයි UI එකයි අතරේ data auto update කරන්න. Data Binding කොටස් දෙකක් තියෙනවා Unidirectional කියන්නේ source එකේ ඉඳල target එකට හරි target එකේ ඉඳල source එකට හරි එක පැත්තකට විතරක් data update වෙන එකට. Bidirectional කියන්නේ source එකෙන් target එකටයි target එකෙන් source එකයි දෙපැත්තටම data update වෙන එකට. ඒ වගේම binding target එක හැම වෙලේම DependencyProperty එකක් වෙන්න ඕනෙ.(DependencyProperty එකක් කියන්නේ සරලව ගත්තොත් object එකක අපිට runtime එකේදී වෙනස් කරන්න පුළුවන් property එකක්.) ඉස්සෙල්ලම අපි මෙන්න මේ පහල තියෙන Window එක හදාගෙන ඉමු. මේකට ඕනෙ කරන XAML markup එක තමා පහල තියෙන්නේ. <Windo...

Using BackgroundWorker in C#

අපි අද කතා කරන්න හදන්නේ තවත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන C# වල තියෙන feature එකක් ගැන. ඒ තමා මේ BackgroundWorker කියන component එක, මේක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ programs වලට Threads හදාගන්න. අපි සාමාන්‍යයෙන් Threads පාවිච්චි කරන්නේ මොකක් හරි ගොඩක් වෙලා යන වැඩක් program එකෙන් කරද්දී ඒ වැඩේ program එක පාවිච්චි කරන කෙනාට එහෙම නැත්නම් User ට නොතේරෙන විදියට කරගන්න, උදාහරණයක් විදියට අපි database එකකට connect වෙලා data set එකක් fetch කරනවා කියල හිතන්න මේ වැඩේට ලොකු වෙලාවක් යනවා නම් User හිතෙන්නේ program එක හිර වෙලා කියල. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් අපිට BackgroundWorker එක පාවිච්චි කරලා. ඒ කියන්නේ පොඩි Progress Bar එකක් වගේ දෙයක් පෙන්නලා user ට කියන්න පුළුවන් වැඩේ ඇතුලෙන් කෙරෙනවා කියලා. හරි අපි පටන් ගමු, මුලින්ම කරන්න තියෙන්නේ Visual Studio වලින් Windows Forms Application එකක් හදාගන්න එක. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලගේ right hand side එකේ Tool Box එක දිහා බැලුවම පෙනෙයි මෙන්න මේ වගේ මෙතන අපිට පේනවා BackgroundWorker කියල tool එකක් තියෙනවා, දැන් මේක drag කරලා drop ක...