Skip to main content

Posts

Showing posts from January, 2012

Applying Themes for Silverlight 4

ටික දවසකට පස්සේ ලියන්න හොඳ දෙයක් එක්ක වෙලාවක් හම්බ උනා. මේ දවස් වල මම පොඩි අත්හදා බැලීමක් කරනවා Silverlight 4 එක්ක. Visual Studio 2010 තමා පාවිච්චි කරන්නේ. හැබැයි එක හිතපු තරම් ලේසි උනේ නෑ. ඒ නිසා මම හිතුවා ඒ ගැන පොඩ්ඩක් ලියන්න. මුලින්ම කියන්න තියෙන්නේ Silverlight 4 එක්ක වැඩ කරන්න නම් VS 2010 විතරක් තිබුනට මදි, ඒකට ඔයාලට ඕනෙ වෙනවා VS2010 Service Pack 1. ඒක download කරගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එකෙන්. මෙතන ඇත්තටම තියෙන්නේ ISO image එකක්, ඒක mount කරලා install කළා නම් වැඩේ ගොඩ. ඊට පස්සේ අපි බලමු කොහෙන්ද මේ Themes හොයාගන්න පුළුවන් කියල. ඒකට යන්න මෙන්න මේ ලින්ක් ඒකට, එතන තියෙන " SL4Themes-templates.zip " කියන file එක download කරගන්න. මේ themes Microsoft එකෙන් officially release කරලා තියෙන themes වගයක්. ඇත්තටම මේ download එකේ තියෙන්නේ Project Templates. දැන් කරන්න තියෙන්නේ මේක Unzip කරලා VisualStudio2010 කියන folder එක ඇතුලේ තියෙන JetPack.vsix වගේ file එකක් double click කරන එක. එකෙන් පොඩි Installer එකක් දුවලා install වෙනවා Visual Studion Project Template එකක්. දැන් ක