අපි දන්නවා WPF එහෙම නැත්නම් Windows Presentation Foundation කිව්වම Windows applications ගොඩක් ලස්සනට හදාගන්න Microsoft එකෙන් අපිට දීල තියෙන technology එකක්. ඉතින් අපි අද බලමු ඕනෙම application එකක් හදද්දී අපිට ගොඩක් වැදගත් දෙයක් වෙන control layout එක ලේසියෙන් කරගන්නේ කොහොමද කියල. මේකට අපි පාවිච්චි කරන්නේ Grid කියන control එක. අපි අද අපේ උදාහරණය විදිහට ගන්නේ සරල Login form එකක්. කට්ටියට මතක නේ අපි web pages හදද්දී <table></table> tags වලින් layout හදනවා මේ වැඩෙත් ටිකක් විතර එකට සමානයි. වැඩි කතා නැතුව බලමුකෝ අපි මොකද්ද කරන්න හදන්නේ කියලා. Login Window දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියල. අපි මුලින්ම කරගන්න ඕනෙ වැඩේ තමයි අපේ basic layout එක grid එකක් පාවිච්චි කරලා හදාගන්න එක. මේ තියෙන්නේ ඒකට ඕනෙ කරන xaml code එක. <Window x:Class="WpfBasics.MainWindow" xmlns="http://schemas.microsoft.com/winfx/2006/xaml/presentation" xmlns:x="http://schemas.microsoft.com/winfx/2006/xaml" Title="Login to WPF Sample" Height...