Skip to main content

How to disable ASP.NET page validations

ASP.NET වල page validation පාවිච්චි වෙන්නේ script injection attacks නවත්ත ගන්න, ඒ ගැන වැඩි විස්තර ඕනෙ නම් මෙතනින් බලාගන්න පුළුවන්. හැබැයි මේක අපිට කරදරයක් වෙන වෙලාවලුත් තියෙනවා. උදාහරණයක් විදියට අපි හිතුවොත් අපි අපේ user ට හිතලම ඉඩ දෙන්න ඕනේ script වගේ දේවල් page එකකට submit කරන්න. මේක උනේ මම වැඩ කරපු Admin site එකක, මේ site ඒක run වෙන්නේ company එකක intranet එකේ, මේක පාවිච්චි කරන්නේ Admin ල විතරයි ඒක අපි වෙන විදියකට authenticate කරනවා ඒ ගැන පස්සේ කියන්නම්.

ඉතින් ප්‍රශ්නේ උනේ මේ page validations නිසා අපිට ඕනේ කරන user inputs ගන්න විදියක් නැති උනා. ඒක විසඳගන්න මට සිද්ද උනා page validations disable කරන්න. ඒක කරන්න ක්‍රම දෙකක් තියෙනවා.

මොන දේ කරන්නත් ඉස්සෙල්ල site එකේ web.config එක පහල තියෙන විදිහට වෙනස් කරන්න ඕනේ. (සැ. යු. ASP.NET 4.0 web sites සඳහා).

 <configuration>  
   <system.web>  
    <httpRuntime requestValidationMode="2.0"/>  
   </system.web>  
 </configuration>  

ඊට පස්සේ පහල තියෙන ක්‍රම දෙකෙන් එකකට වැඩේ කරන්න පුළුවන්.
  • Site එකේ අදාළ pages වල විතරක් validations disable කරන එක.
 <%@ Page Title="" Language="C#" MasterPageFile="~/Site.master" AutoEventWireup="true"  
   CodeFile="ContactUs.aspx.cs" Inherits="ContactUs" ValidateRequest="false" %>  
  • මුළු site එකේම page validations ඒක පාර disable කරලා දාන ඒක.
 <configuration>  
   <system.web>  
    <httpRuntime requestValidationMode="2.0"/>  
    <pages validateRequest="false"/ >  
   </system.web>  
 </configuration>  

හැබැයි අපි මතක තියාගන්න ඕනේ, මේක කරද්දී අපේ site එකේ security වලට මේකෙන් ලොකු බලපෑමක් තියෙනවා කියලා. අත්‍යවශ්‍ය තැනකදී මිසක් මේක කරන්න එපා කියල තමා ඉතින් මම නම් අවවාද කරන්නේ.

Comments

Popular posts from this blog

Simple Data Binding in WPF

අපි කලින් ලියුමක WPF වල layouts ලේසියෙන් හදාගන්නේ කොහොමද කියල බැලුවා කට්ටියට මතක ඇති නේද. ඉතින් අද අපි බලන්න යන්නේ මෙතනින් තව පොඩ්ඩක් ඉස්සරහට යන්නේ කොහොමද කියල. ඒ කියන්න අද අපි බලමු අපි මේ හදාගත්ත client window එක කොහොමද අපේ business layer එකත් එක්ක connect කරන්නේ කියල. ඒකට තියෙන සරලම සහ හොඳම විදිහ තමා මේ Data Binding කියල කියන්නේ. Data Binding වලින් අපිට පුළුවන් අපේ Business Layer එකයි UI එකයි අතරේ data auto update කරන්න. Data Binding කොටස් දෙකක් තියෙනවා Unidirectional කියන්නේ source එකේ ඉඳල target එකට හරි target එකේ ඉඳල source එකට හරි එක පැත්තකට විතරක් data update වෙන එකට. Bidirectional කියන්නේ source එකෙන් target එකටයි target එකෙන් source එකයි දෙපැත්තටම data update වෙන එකට. ඒ වගේම binding target එක හැම වෙලේම DependencyProperty එකක් වෙන්න ඕනෙ.(DependencyProperty එකක් කියන්නේ සරලව ගත්තොත් object එකක අපිට runtime එකේදී වෙනස් කරන්න පුළුවන් property එකක්.) ඉස්සෙල්ලම අපි මෙන්න මේ පහල තියෙන Window එක හදාගෙන ඉමු. මේකට ඕනෙ කරන XAML markup එක තමා පහල තියෙන්නේ. <Windo...

HTML INPUT enhancement with Regular Expressions and Java Scripts

අද කථා කරන්න යන්නේ බොහොම සරල දෙයක් ගැන. සරල උනාට ඉතින් මට මේක කරගන්න ඕන වෙලා හොයන කොට නම් ඉතින් හොයාගන්න ටිකක් කරදර උනා, ඒ නිසාම තමා මම හිතුවේ මේක ගැන ලියන්න ඕනෙ කියල. අපි හැමෝම HTML forms validate කරන්න Java Script පාවිච්චි කරනවා නේ, එක අලුත් දෙයක් නෙමේ. ඒ වගේම තමා Regular Expressions කියන්නෙත් අපිට අලුත් දෙයක් නෙමේ. අපි බලමු මේ දෙකම පාවිච්චි කරලා HTML textbox එකකට අපිට ඕනෙ characters විතරක් enter කරන්න දෙන්නේ කොහොමද කියල. මෙන්න මේක තමා අපි පාවිච්චි කරන HTML page එක. <!DOCTYPE html> <html> <head> <title>JS and RegEx</title> </head> <body> <label for="txtUsername">Username</lable> <input type="text" id="txtUsername" placeholder="Enter Username"/> </body> </html> මේ තියෙන page එක html විදිහට save කරලා browser එකේ බැලුවම මෙන්න මේ වගේ තමා පෙන්නේ. දැන් හිතන්න අපිට මේ username එකට @,#,%,$ වගේ...

How to set a web page to the center of the browser

අද අපි කතා කරන්න ලැස්ති වෙන්නේ අපිට web page එකක් design කරනකොට ඕනේ වෙන පොඩි technique එකක් ගැන. ඔයාල ඕනේ තරම් දැකල ඇති web sites වල මුළු page එකම center වෙලා තියෙනවා. අපි උදාහරණයක්‌ ගත්තොත් W3Schools site එක වගේ. පේනවා නේ site එකේ content එක page එකේ මැදට වෙන්න තියෙන ලස්සන. මේක කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. <html> <head> <title>Testing Centered Content</title> </head> <body> <div id="mainContent" style="width:900px;margin-left:auto; margin-right:auto;background-color:Gray;height:500px"> This is the content which is centered </div> </body> </html> මෙතන අපි ඇත්තටම විශේෂ දේවල් පාවිච්චි කරලා නෑ. සරල html code එකක් තමා තියෙන්නේ. අපි <div> එකක් හදාගෙන තියෙනවා mainContent කියල. ඒ div ඒකට style එකක් apply කරල තියෙනවා. එකේ අපි කරලා තියෙන්නේ site එකේ content width එක සෙට් කරලා තියෙනවා pixel 900 කට. ඊට පස්සේ වැදගත් වෙන්නේ margin-left එකයි margi...